එතුමා ගැන මුලින්ම දැනගන්නෙ අපේ අම්මගෙන් බව මතකයි. ඒ එක්කම පහේ හෝ හතරෙ පන්තියෙදි ‘පණිවුඩ චන්ද්‍රිකා’ කියල පාඩමක් තිබුණා. නමුත් ඔහුව හොඳටම දැණෙන්නෙ අවුරුදු 13-14 කාලෙදි තෑග්ගකට ලැබුණ එතුමගෙ 2001 පොතෙන්. එදා ඉඳන් මම එතුමාගෙ උග්‍ර රසිකයෙක්. පරිවර්තනය වුණ සේරම පොත් කියවල සන්තක කරගෙනත් මදි වෙලා දැන් හොයන්නෙ පරිවර්තනය නොවුණ ඒව!
ලංකාව ගැන නූතන ලෝකයට දැනගන්න කතා කරපු පළමු විදේශිකය ක්ලාක් වෙන්න ඇති. අනිත් කෙනා ටෝනි ග්‍රේග්… :-)
හි හි… ඇති ඔයින් ගියා… උනුත් නිකං මෙලෝ රහක් නැතිව පෙට්‍රල් පුච්චන උන්ද කොහෙද… දැන් අපි හිතන්නෙත් ඔය කඩු සීන් එක ගැන සිරාවටම CID එකත් හොයනව වෙන්න ඇති කියලනේ… උන් මේක කොරන්න ඇත්තේ උඹ ලවා පෝස්ට් එකක් ලියවන්නමද දන්නෙ නෑ… ;-)
ඔය සුන්දරයි ආදරේ නම් මම එකපාරක් අහල අයින් කලා… ගී පදමාලා ප්‍රශ්ණෙ නම් තියෙනව තමයි. කොහොමත් ප්‍රේමකීර්තිගෙන් පස්සෙ ලංකාවෙ දැණෙන්න ලියන්න පුළුවන් කෙනෙක් හැදුණෙම නෑ වගේ…
ඔහුගේ හඬ පරාසයේ තනුවක් නිර්මාණය කරන්න ලංකාවෙ ඉන්නෙ කසුන් සහ නදීක දෙන්න විතරයි කියලයි මට හිතෙන්නෙ. ඔහුගෙ ඇල්බමයෙ තියෙන සින්දුනම් ගොඩක් වෙනස්. තවම ඔහුගේම කියල සින්දු 10-15ක් විතරක් තියෙන නිසා මුකුත් කියන්න අමාරුයි!
මොකා ගත්තත් කමක් නෑ අර 2.50 0.25 වෙනවනං….
මේක ගැන ආතර් සී. ක්ලාක් මහත්තයගෙ 2001 වීර චාරිකාවෙ කියවෙන්නෙත් සමාන අදහසක්…
පහලින් දාල තියෙන නාට්ටි කෑල නං ටොප්… කතා නායකය ගැන පැහැදෙන්න ප්‍රමාණවත්!
රාජ්ගෙ අදහසට එකඟයි. හැබැයි නිතරම ලියනවනම් වියරණ හදාගන්න එක උවමනා දෙයක් කියල මට හිතෙන්නේ. වඩාත් හරි දේ කරන්න පොඩ්ඩක් මහන්සි වෙන එක වැරදි දෙයක් කරනවට වඩා හොඳ නිසා. නමුත් ගෝල් ෆේස් එකෙන් ඉර නගිනව දැකපු එකනං මාර කේස් එකක් තමයි!
R ථිකේ හෙනම කේස් වෙලා නේද?
කාලෙකට ඉස්සරනං සරසවියෙ හිටපු උදවියගෙන් ඇහුවම මතකයෙන් හරියටම තියෙන තැන පවා පෙන්නපු අය හිටියා… දැන් ඉන්න උන් නම් නිකමට ඩේට බේස් එකේ හොයන්නෙවත් නෑ… හැබැයි තවමත් විදර්ශන එකේ නම් පොත් ගැන දැනුමක් තියෙන උදවිය ඉන්නවා.
මෑතකදි යාළුවො ටිකක් එක්ක බොරැල්ලෙ විජේසූරිය එකට ගියාම එතන හිටපු සරත් මහත්තයගේ හාමිනේ නම් ඒකෙ තියෙන පොත් සේරම කාපු කෙනෙක් බව තේරුණා…